24.3 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeGossipඉරානය නව IRGC ලොක්කා පත් කරයි

ඉරානය නව IRGC ලොක්කා පත් කරයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නව අණදෙන නිලධාරීයා ලෙස අහමඩ් වහිඩි පත්කර තිබේ.

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබූ අතර ඒ හේතුවෙන් මෙම නව පත්කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය අද (13) අලුයම මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළේය.

එහිදී ඊශ්‍රායලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයයි.

එමෙන්ම ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සමබන්ධ විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව සඳහන් ය.

කෙසේවෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නව අණදෙන නිලධාරීයාගේ පත් කිරීම තාවකාලික ආදේශකයක් බවය.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here