21.5 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeGossipහිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වසර 40කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේවයක් කළ වනසිංහ මහතා මියයන විට 91වන වියේ පසුවිය.

1954 වසරේ දී කෙඩෙට් නිලධාරීයෙකු ලෙස එවක ලංකා හමුදාවට එක්වූ වනසිංහ මහතා, මූලික යුධ පුහුණුව හැදෑරීම සඳහා Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

ඉන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීයෙකු ලෙස පත් කරන ලදී. 

යුද හමුදාධිපති ලෙස පත්වීමට පෙර ඔහු හමුදාවේ විවිධ තනතුරු රැසක් හොබවනු ලැබූ ඔහු, 1988 වසරේ දී මෙරට 11 වන යුද හමුදාධිපති ලෙස පත්විය. 

වනසිංංහ මහතා 1995 යුද හමුදාවෙන් විශ්‍රාම ගත් අතර, ඉන් අනතුරුව මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්‍ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබීය.

ගම්පහ, මල්වාන ප්‍රදේශයේ දී උපත ලැබූ හැමිල්ටන් වනසිංහ මහතා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරීය. 

දක්‍ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු පාසල් කාලයේ ශිෂ්‍යභට බලකායේ සැරයන් මේජර් තනතුර හෙබවිය. 

විද්‍යාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වනසිංහ මහතා පාසල් කාලය තුළදී මෙන්ම ඉන්පසුව හමුදාවේ දී බොහෝ කුසලාන දිනාගැනීමට වූවෙක්ය.

ඔහු සිලෝන් ඉන්ටර් ඩොමීනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩිතැබීමේ තරගාවලියද නියෝජනය කර ඇත.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here