21.5 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeBusinessමැදපෙරදිග ඇවිලෙයි. කොළඹ කොටස් වෙළෙඳපොළ ගිලෙයි

මැදපෙරදිග ඇවිලෙයි. කොළඹ කොටස් වෙළෙඳපොළ ගිලෙයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

අද (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන කඩාවැටීමක් වාර්තා විය.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 234.37කින් හෙවත් 1.33%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 81.09 කින් හෙවත් 1.54% කින් පහළ ගියේය.

ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,427.08 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 5,193.92 ක් ලෙසින් සටහන් වුණි.

ප්‍රධාන වශයෙන් බැංකු සමාගම් ඇතුළු ප්‍රධාන මිල දර්ශක වෙත වැඩි බර තැබීමක් ඇති සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් දිනය තුළ පහළ යාම, සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් බලපා තිබුණි. ඒ අතුරින් HNB, DFCC හා සම්පත් යන බැංකු සමාගම්වල කොටස් මිල පහළ යාම් ප්‍රධාන වශයෙන් හේතු වූ අතර මෙලස්ටාකෝප් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම්ද සියලු කොටස් මිල දර්ශකයට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල කර තිබුණි. අද දින ලැයිස්තුගත සමාගම් 173කම මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

මේ වන විට ඊශ්‍රායලය හා ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් ගෝලීය අස්ථායී තත්ත්වයක් උද්ගතව ඇති අතර ලොව පුරා කොටස් වෙළෙඳපොළ නිරීක්ෂණයේ දී ඒ බව මනාව තහවුරු වනු ඇත. එම බලපෑමෙන් මිදී සිටීමට ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳපොළකට කිසිසේත්ම අවස්ථාවක් නොමැති බව අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ හැසිරීමෙන් පිළිබිඹු වන බව වෙළෙඳපොළ විශේෂඥයින්ගේ අදහසයි.

අද දින ආසියානු කලාපයේ සියලු ප්‍රධාන කොටස් වෙළෙඳපොළ පහත දැක්වෙන පරිදි කැපීපෙනෙන පහළ යාමකට ලක්ව තිබුණි.

GIFT NIFTY (-0.78%)

Nikkei 225 (-0.90%)

Straits Times (-0.28%)

Hang Seng (-0.60%)

Taiwan Weighted (-0.97%)

KOSPI (-0.88%)

SET Composite (-0.53%)

Jakarta Composite(-0.53%)

Shanghai Composite (-0.76%)

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here