24.3 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeBusinessයුද ගැටුම් සමඟ බොරතෙල් මිල ඉහළට

යුද ගැටුම් සමඟ බොරතෙල් මිල ඉහළට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08කට අලෙවි වු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඩොලර් 75.37ක් ලෙසය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාරයන් ආරම්භ වීමට පෙර පසුගිය 12වනදා ලෝක වෙළෙඳපොළේ  WITබොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 68.04ක් ලෙස වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී තිබුණේ ඩොලර් 69.24ක් ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබේ.

මැදපෙරදිග මෙම යුද වාතාවරණය අඛණ්ඩව පැවතියහොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේය.

මේ හේතුවෙන් මෙරට ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here