24.3 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeGossipසාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය

සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තමා පත්වීම පිළිබඳ කිසිවිටෙකත් පෞද්ගලිකව නොගන්නා ලෙසත් ජයග්‍රහණය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසන්නීය.අද (18) උදෑසන වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොළඹ නගරයේ ඇති ගැටලු ජනතාව සහභාගී කර ගනිමින් විසඳීමට තමා බලාපොරොත්තු වන බවය.පුරවැසියන් එක හඬින් කියා සිටියේ, “මේ පුරවරයත් වෙනස් කර දෙන්න යනුවෙනි” යැයි පැවසු නගරාධිපතිනිය මේ නගරය වෙනස් කිරීමේ වගකීම අප සතු වන බව ද මෙහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළාය.ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත් එහි අඳුරු පැතිකඩ මේ වනවිට කොළඹ වෙලාගෙන ඇතැයි ද පැවසු ඇය, නගරයේ ජීවත් වන ජනතාවට ආලෝකයක් ලබාදීමට තමාට දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට ඇතැයි ද පැවසීය.අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවද සඳහන් කළ ඇය ඒ සියල්ලට විසඳුම් ලබාදිය යුතුව ඇතැයි ද කියා සිටියාය.කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක් බවට පත්කිරීමට සිදුවන බව ද පැවසු කොළඹ පුරපතිනිය, සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියාය.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here