21.5 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeGossipතවත් ඩෙංගු මර්දන සතියක් - මරණ 14ක් - රෝගීන් 26,000 පනී

තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය මේ බව සඳහන් කළාය.

“දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ කණ්ඩායම් එනවා. එහිදී ඔබ අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000කට අධික පිරිසක් මේ වන විට වාර්තා වි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.

මේ වනවිට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර, රෝගීන්ගෙන් 45%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි ද සමරවීර මහත්මිය පැවසුවාය.

“ලංකාව පුරා ඩෙංගු රෝගීන් 26,775ක් සහ ඩෙංගු මරණ 14ක් සිදුව තිබෙනවා. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා.”

Dengue alert for Western Province - Ceylon Independent

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here