18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsගුවන් අනතුර සම්බන්ධයෙන් පොලීසියට සහ ගුවන් හමුදාවට අධිකරණයෙන් නියෝගයක්

ගුවන් අනතුර සම්බන්ධයෙන් පොලීසියට සහ ගුවන් හමුදාවට අධිකරණයෙන් නියෝගයක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් සිදුවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අනතුරට හේතුව අධිකරණයට දැනුම්දෙන ලෙස දෙහිඅත්තකන්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට සහ ගුවන් හමුදාවට නියෝග කර තිබේ.

විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කර ඇති බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරේ පසුගිය මැයි මස 9 වනදා පැවති විසිර යාමේ උත්සවකට සමගාමිව නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබූ ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී අනතුරක් සිදුවුණි.

අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු මියගොස් තවත් සෙබළුන් හය දෙනෙකු තුවාල ලැබීය.

දෙහිඅත්තකන්ඩිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමින් මාදුරුඔය ජලාශයේ ගුවන් අනතුර සිදු වූ ස්ථානය සහිත ජල තීරයද වැඩබලන මහෙස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යටතේ ගුවන් හමුදාව විසින් සහ පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක්‍ සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පොලීසියේ මෙම කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් දෙහිඅත්තකන්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා පොලීසියට සහ ගුවන් හමුදාවට නියෝග කළේ, මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වෙන් වෙන්ව විමර්ශන සිදුකර අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසය.

එමෙන්ම ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට තවදුරටත් නියෝග කර තිබේ.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here