මියගිය කාන්තාවකගේ සිරුරක් ළිඳක තිබී හමුවී තිබෙනවා.
ඒ ධර්ම පුරම් පොලිස් වසමේ පිරමන්දනාරු ප්රදේශයෙන්.
මියගිය කාන්තාවකගේ සිරුරක් ළිඳක තිබෙන බවට ධර්ම පුරම් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 67ක් වූ කාන්තාවක්.
මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙය ඝාතනයක් ද සියදිවි හානිකර ගැනීමක්ද යන්න පිළිබඳව ධර්ම පුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




