21.5 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsපොලීසියේ ලොක්කෝ 32කට ස්ථාන මාරු

පොලීසියේ ලොක්කෝ 32කට ස්ථාන මාරු

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර ඇති බව සඳහන්ය.

නියෝජ්‍ය පොලිස්පතිරුන් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තනේතුවේ මාණ්ඩලික නිලධාරින් 16 දෙනෙකුට ද ජුලි මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරික් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතා මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවිම් ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව විශේෂ බන්ධනාගාර අධිකාරිවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 13 දෙනෙකු සඳහා ස්ථානා මාරුවීම් ලබා දී ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here