18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeGossipපොළොන්නරුවේ CTB - ප්‍රයිවට් බස් ගැටුමක් - වර්ජනයකුත් අරඹයි

පොළොන්නරුවේ CTB – ප්‍රයිවට් බස් ගැටුමක් – වර්ජනයකුත් අරඹයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

පොළොන්නරුව බස් නැවතුම්පලේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් සහ පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයෙක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අතරමගදී පෞද්ගලික පන්ති සඳහා සහභාගි වන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් නංවා ගැනීම හේතුවෙන් පෞද්ගලික බස්රථවලට මගීන් අඩුවීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇත.

මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවද පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් තිදෙනෙකු සහ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු වන බව සඳහන්ය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් අද (26) දින බස් රථ වර්ජනයක්  සිදුකිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව ඩිපෝවේ බස් රථ රැසක් මේ වනවිට ගාල්කර ප්‍රධාන ගේට්ටුව වසා සේවකයන්ගේ සහ බස් රථවල මෙන්ම දේපොළවල ආරක්ෂාව පොලීසිය විසින් තහවුරු කර තිබේ. 
 
පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ආරක්ෂාව යොදවා ඇති අතර සිද්ධිය පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොළොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. 

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here