29.3 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsකිසිදා දැවී නොගිය කඩඉමක දැවී ගිය චන්දි

කිසිදා දැවී නොගිය කඩඉමක දැවී ගිය චන්දි

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

බංග්ලාදේශයට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකිරීමට දිනේෂ් චන්දිමාල් සමත් විය.

පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට ලකුණු 194ක අගනා සබඳතාවක් පැවැත් වූ ඔහු ලකුණු 93ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ඒ හේතුවෙන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17වන ශතකයට ලකුණු 7ක් පසුපසින් තිබියදී චන්දිමාල්ගේ ඉනිම අවසන් විය.

ඔහු 2022 වසරේදී ගාල්ලේ පැවති තරගයදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 94ක් රැස්කිරීම හැරෙන්න, මීට පෙර කිසිදු අවස්ථාවක ටෙස්ට් තරගයකදී ලකුණු 90-99ත් අතරදී දැවීගොස් නොතිබුණි.

චන්දිමාල් අවස්ථා 6කදී ලකුණු 80-89ත් අතරදී දැවීගොස් ඇත.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටියේය.

කඩුල්ලේ රැඳි සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 146ක් හා ප්‍රබාත් ජයසූරිය ලකුණු 5ක් රැස්කරගෙන සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට බංග්ලාදේශය සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 247ට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් සිටියි.

https://sinhala.adaderana.lk/news/211578

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here