21.5 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeEducationජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ඒකකය විසින් පවත්වනු ලබන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කටයුතු මෙලෙස අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසා සිටියේ, පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නම් රජය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බව උන් වහන්සේ පවසයි.

ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් පිලිබදව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී තිබුණි.

ඒ එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවු අවස්ථාවේය.

එහිදී වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා පැවසුවේ, බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් සියලු වැයබර දැරීමට සිදුව ඇත්තේ සිසුන්ට බවය.

https://sinhala.adaderana.lk/news/211583

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here