21.5 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsතායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා

තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

තායිලන්තයේ බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබේ.

ඒ තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමිනි.

අසල්වැසි කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති දෙකකට පමණ පෙර මාධ්‍යය වෙත ලැබී තිබූ අගමැතිවරියගේ රහස් දුරකථන සංවාදයකට විරෝධය දක්වමින් ජනතාව මෙලෙස විරෝධතා ආරම්භ කර ඇත.

අගමැතිවරිය, කාම්බෝජයේ හිටපු අගමැති හන් සෙන් සමඟ සිදුකර තිබූ මෙම මතභේදාත්මක දුරකථන සංවාදය පිළිබඳ දැඩි කතාබහක් ඇතිවූයේ එම ඇමතුම මඟින් ඇය තම රටට හානි වන ආකාරයේ සහ සිය හමුදා ප්‍රධානියෙකු පිළිබඳ විරුද්ධවාදී අදහස් පලකර තිබීම හේතුවෙනුයි.

38 හැවිරිදි ෂිනවත්‍රා බලයට පත්වූ 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ විවිධ අවස්ථාවලදී රජයට විරෝධතා එල්ල වූ අතර මෙතෙක් පැවැති විශාලතම විරෝධතාවය බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.

අගමැති ෂිනවත්‍රාට එරෙහිව ලබන මාසයේදී විශ්වාසභංග යෝජනාවක්ද ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට වත්මන් රජයේ පාර්ශ්වකාර පක්ෂ රජයට සහාය දැක්වීමෙන් ඉවත් වෙමින් සිටින බවද වාර්තා වේ.

https://sinhala.adaderana.lk/news/211680

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here