24.3 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeGossipසාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ…මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂපාඨයෙන් සාවද්‍ය පුවතක් පළ කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, මල්වතු මහා විහාරයේ, උපලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ පුවතේ සඳහන් පරිදි කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර, එවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
 

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here