27.4 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන පරිදි,  ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පොලිස් නිලධරයන් විවිධ ස්ථාන වලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිවේදිත නිලධරයන් හා මූලස්ථාන පොලිස් පරික්ෂකවරුන් / ස්ථානාධිපතිවරුන් සඳහා සේවයේ අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවීම් සිදු කරනු ලබයි.

ඒ අනුව,

1. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු වසර 03 ක කාලයකින් පසු ස්ථාන මාරුවීමක් සඳහා සුදුසුකම් ලබයි.

2. පොලිස් නිලධාරියෙකුගේ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින අවස්ථාවකදී තවදුරටත් එම නිලධාරියා ස්ථානාධිපති ධූරයේ තබා ගැනීම සුදුසු නොවන බැවින් ස්ථාන මාරු සිදු කරනු ලබයි.

3. පොලිස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා හෝ විෂමාචාර ක්‍රියා පිළිබඳව වාර්ථා වීම් සහ ඊට අදාල විමර්ශන කටයුතු වලින් පසු ස්ථාන මාරුවීම් සඳහා ක්‍රියාත්මක වීම සිදු
කරයි.

4. මානුෂීය හේතූන් මත කරන ලද ඉල්ලීම් සලකා බලමින් ස්ථාන මාරුවීම් ලබා දීම සිදු කරනු ලබයි.

5. සේවයේ අවශ්‍යතාවය මතද ස්ථාන මාරුවීම් ලබා දීම සිදු කරනු ලබයි.

මෙලෙස සමස්ථ දිවයින තුළ පොලිස් ස්ථාන 608 හි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු, ක්‍රියාකාරී කොට්ඨාස 59 ක ස්ථානාධිපතිවරුන් මෙන්ම සහකාර පොලිස් අධිකාරී දිස්ත්‍රික්ක 196 ක රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙතද විවිධ අවස්ථාවන් වලදී ඉහත නිර්නායක හා රාජකාරි අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබාදීම සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

https://sinhala.adaderana.lk/news/211787

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here