20.9 C
Sri Lanka
Wednesday, December 10, 2025
HomeLatest Newsජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ඉවත දමයි

ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ඉවත දමයි

Date:

Related stories

වැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයට...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව...

ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකු මරුට

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ...

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී...

ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව...
spot_imgspot_img

මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය අද (3) ප්‍රතික්ෂේප කළේය.

ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.

අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්.

එහෙත් කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලාංකික නිළියක් වන ජැකලින් ෆර්නැන්ඩස් මේ වනවිට ඉන්දියාවේ පදිංචිව සිටියි. 

ඇය ප්‍රධාන වශයෙන් බොලිවුඩ් සිනමාවේ කටයුතු කර ඇති අතර, රියැලිටි වැඩසටහන් මෙන්ම සංගීත වීඩියෝවල ද පෙනී සිට ඇත.

ජැකලින්, 2006 වසරේදී මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් අතර, එම වසරේ පැවැති මිස් යුනිවර්ස් තරගයටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභගි වූවාය.

https://sinhala.adaderana.lk/news/211826

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here