20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsපාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරු දෙකක් හමුවෙයි

පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරු දෙකක් හමුවෙයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ හෙට්ටිගම, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූවාද නැතහොත් වෙනත් සැකකටයුතු මරණයක්ද යන්න සම්බන්ධයෙන් කුඹුක්ගැටේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම පල්ලේකැලේ පොලිස් වසමේ එළිමහන් සිර කඳවුර අසල ඇති වික්ටෝරියා ජලාශයේ ද පාවෙමින් තිබියදී පිරිමි පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ බාබර් වත්ත, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පල්ලේකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

https://sinhala.adaderana.lk/news/214301

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here