20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsමානව හිමිකම් කොමසාරිස් සහ ඇමති විජිත හේරත් අතර හමුවක්

මානව හිමිකම් කොමසාරිස් සහ ඇමති විජිත හේරත් අතර හමුවක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (10) ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා හමු වී දන්වා තිබේ. 

මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසියට සහභාගි වීමට ජිනීවා ගොස් සිටින අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා අතර හමුවක් අද (10) සිදු විය. 

එහිදී Volker Turk මහතා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත.

එම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය සවිස්තරාත්මකව අමාත්‍ය විජිත හේරත් මහතා පැහැදිලි කර තිබේ.

නව රජය යටතේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව හැරවුමක් ලබා ඇති බවත් අතීතයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමටත් සහ වගවීමේ යාන්ත්‍රණය නිසි පරිදි ස්ථාපිත කිරීමටත් මේ ලැබී ඇති අවස්ථාව මගනොහරිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සිය අපේක්ෂාව පළකළ ඇත.

https://sinhala.adaderana.lk/news/214417

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here