21.8 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ.

ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ.

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් වැනසී ඒවායේ වාසය කළ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී තිබේ.

පැය 10කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකිව තිබුණේ අද අලුයමයි.

කෙසේ නමුත් මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

පිලිපීනයේ මැනිලා අගනුවර තදාසන්න කලාපයක පිහිටි පැල්පත් නිවාස දහස් ගණනක් ගින්නකට හසුව විනාශ වී තිබේ.

මේ අනුව නිවාස 1100ක් පමණ වැනසී ගොස් ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ හටගත් ගින්න නිවාදැමීම අසීරු වී ඇත්තේ එය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්ය.

ගිනි නිවන රථ රැසක් යොදවා ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකිව තිබුණේ අද අලුයමයි.

ගින්න හේතුවෙන් අවතැන් වූ පිරිස් මේ වනවිට රජයේ පාසල් සහ රජයේ කාර්යාල වෙත යොමුකර තිබේ.

මැනිලා නුවර පැල්පත් නිවාස පිහිටි කලාප රැසක් ඇති අතර, එම කලාපවල මෙවන් බරපතළ අනතුරු සිදුවූ අවස්ථා රැසක්ම පසුගිය කාලයේදී වාර්තා වුණි.

https://sinhala.adaderana.lk/news/214611

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here