23.3 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsබස් රථයෙන් ඇදවැටී තරුණයෙකු මරුට

බස් රථයෙන් ඇදවැටී තරුණයෙකු මරුට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

බස් රථයකින් ඇදවැටී තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රී කාලයේ කිලිනොච්චිය පොලිස් වසමේ උරුත්තිපුරම් මාර්ගයේ 8 ඇල ප්‍රදේශයේදී අරවියර් නගර් දෙස සිට උරුත්තිපුරම් දෙසට ධාවනය වූ බස් රථයකින් මගියෙකු ඇද වැටී ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ මගියා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ උරිත්තිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

ඇගළුම් ආයතනයක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකින් ඇද වැටී මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

https://sinhala.adaderana.lk/news/214738

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here