27.4 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsටෙල්අවිව් සිට කටුනායකට එන ඊශ්‍රායලයේ Arkia Airlines

ටෙල්අවිව් සිට කටුනායකට එන ඊශ්‍රායලයේ Arkia Airlines

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

ඊශ්‍රායලයේ  ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය අද සිට සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ටෙල්අවිව් ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා ගමන් කිරීමට නියමතව ඇත. 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමින් මේ බව සඳහන් කර තිබේ.

එම ගුවන්යානය හෙට උදේ  06.15ට කොළඹ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

ඕමානය හා මාලදිවයින ඊශ්‍රායිල්  ගුවන් යානා සඳහා ගුවන් අවකාශය තහනම් කිරීම හේතුවෙන් මෙම ගුවන් යානය සීෂෙල්ස්  හරහා ගොස්  කොළඹට පැමිණීමට හා කොළඹ සිට ටෙල් අවිව් බලා ගමන් කිරීමට පැය 09.15 කාලයක් ගතවේ.

හෙට රාත්‍රී 22.30ට කොළඹින් පිටත්වන IZ 640 ගුවන් යානය බ්‍රස්පතින්දා උදෑසන 05.35ට ටෙල්අවිව්  බලා පැමිණීමට නියමිත ය. 

ඊශ්‍රායලයේ සංචාරකයන් ඉලක්ක කර පියාසර කරන මෙම ගුවන් යානාය සතිපතා එක්වරක් ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.

https://sinhala.adaderana.lk/news/214920

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here