18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsතමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා මනූෂ නානායක්කාරගෙන්...

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා මනූෂ නානායක්කාරගෙන් පෙත්සමක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

COLOMBO (News 1st) – අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු කම්කරු අමාත්‍ය  මනුෂ නානායක්කාර මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේ ය. එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේදී සිදුවී ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් සිදු කරන බව පැවසුවේ ය. තම සේවාදායකයා ඉකුත් 24 වැනිදා ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළට පැමිණි විගස එහි පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉහත විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ලිපියක් බාර දී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.

Source: News 1st

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here