23.3 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsනල්ලතන්නියේ තේ කර්මන්තශාලාවක් ගිනිගනී

නල්ලතන්නියේ තේ කර්මන්තශාලාවක් ගිනිගනී

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ අද (09) අලුයම 1ට පමණ ගින්නක් හට ගෙන තිබේ.

තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී යෑම හේතුවෙන් ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල වශයෙන් විනාශ වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව සෙසු අංශ වෙත පැතිරීම පාලනය කර ඇත.

කෙසේවෙතත් වතු කම්කරුවන් චෝදනා කර සිටියේ, වතු පාලනාධිකාරිය විසින් සැලසුම් කර මෙම ගින්න ඇති කර ඇති බවය.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නෙමැති අතර, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.

තේ කර්මාන්තශාලාවේ ගින්න හටගැනීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නල්ලතන්නිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

https://sinhala.adaderana.lk/news/215486

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here