21.7 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsඉන්දියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමක ශ්‍රී ලාංකික මහමොළකරු අත්අඩංගුවට

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමක ශ්‍රී ලාංකික මහමොළකරු අත්අඩංගුවට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ශ්‍රී ලාංකිකයින් විසින් ඉන්දියාව තුළ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය සමත්ව තිබේ.

එහිදී ඉන්දීය රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අධික විෂ සහිත ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හයිඩ්‍රොපොනික් ගංජා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 400ක් සහ සයිලොසොබීන් හෙවත් මැජික් හතු නමින් හඳුන්වන හතු කිලෝග්‍රෑම් 6ක් එහිදී සොයාගෙන තිබේ.

තායිලන්තයේ සිට ඉන්දියාවට ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් පසුගිය 9 වනදා කෙම්පෙගඋඩා ගුවන්තොටුපළේ දී කොළඹ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී ඔවුන්ගේ ගමන් බෑග තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තොරතුරු රැසක් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම ජාවාරම ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවා ඇති අතර ඔහු වෙනත් ගුවන් යානයකින් පැමිණි අවස්ථාවේ දී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉන්දිය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

https://sinhala.adaderana.lk/news/215669

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here