20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsචාල්ස් රජුගේ අණින් ඇන්ඩෲ කුමරුගේ 'කුමාරයා' පදවිය ගැලවෙයි

චාල්ස් රජුගේ අණින් ඇන්ඩෲ කුමරුගේ ‘කුමාරයා’ පදවිය ගැලවෙයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු අණකර ඇත්තේ මින් ඉදිරියට ඇන්ඩෘෘ කුමරුව ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් හඳුන්වන බවය.

ඒ අනුව ‘කුමාරයා’ පදවිය අහිමි වූ ඇන්ඩෘෘ කුමරුට ඔහු 2004 වසරේ සිට ජීවත් වූ වින්ඩ්සර් මාලිගය හැර යාමට සිදුවේ.

ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වනවිට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමග සබඳතා පැවැත් වූ බවට ඇන්ඩෘෘ කුමරුට වසර ගණනාවක සිට චෝදනා එල්ල විය.

ඒ හේතුවෙන් මෙම මසදී යෝර්ක් හි ආදිපාද ධුරය හැරීමට ඔහු කටයුතු කළේය.

සිය තීරණය දැනුම්දෙමින් හෙතෙම පවසා සිටියේ, තමන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන් සිය සහෝදරයා වන චාල්ස් රජුගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට ද බලපෑම් එල්ල වන බවය.

එමෙන්ම පසුගිය වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් මගින් ඇන්ඩෘෘ කුමරුගේ සමීප ව්‍යාපාරික සගයෙකු චීන ඔත්තුකරුවකු බව හෙළිවීමත් ඔහුගේ ධුරය අත්හැරීමට තවත් හේතුවක් වී තිබුණි.

https://sinhala.adaderana.lk/news/216369

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here