22 C
Sri Lanka
Friday, December 19, 2025
HomeLatest Newsසුරාබදු නිලධාරීන් 5ක් CID අත්අඩංගුවට

සුරාබදු නිලධාරීන් 5ක් CID අත්අඩංගුවට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුනි මාසයේ කොළඹ 11, හෙට්ටිවීදිය ප්‍රදේශයේදී රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකකින් රුපියල් 102,000,000ක (දසකෝටි විසි ලක්ෂය) කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ පසුගිය ජුනි මස 5 වනදා මෙම සැකකරුවන් විසින් අදාළ රන් භාණ්ඩ වෙළඳසැල් දෙකට නීත්‍යානුකූල වැටලීමක් සිදුකරන ආකාරයෙන් පැමිණ එම වෙළඳසැල්වලින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සහ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

පසුව ඉන් සිව්දෙනෙකු සතුව නීතිවිරෝධී ලෙස ගෙන්වූ දුම්වැටි තිබූ බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

අනතුරුව සිය භාරයට ගත් මුදලින් රුපියල් කෝටි 5ක් නැවත ඔවුන්ට ලබා දී ඇති බවට ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවුරුදු 30ත් 46ත් අතර වයස්වල පසුවන කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුන් බව පොලීසිය පවසයි.

ඔවුන් අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

https://sinhala.adaderana.lk/news/216359

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here