18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsවතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.

ඒ හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වීමටද නියමිතය.

ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරනු ඇත.

මෙම සංචාරය අතරතුරදී අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද හමුවීමට නියමිත අතර විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග නිල සාකාච්ඡාද පැවැත්වීමට නියමිතය.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක්ද කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශණයක්ද පැවැත්වීමට නියමිතය.

2019 වසරේ එල්ලවූ පාස්කු ඉදිරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ දේවස්ථාන ඇතුළු රට පුරා සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමටද ඒ හිමියන්ගේ මෙරට සංචාරයට ඇතුළත් වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

https://sinhala.adaderana.lk/news/216492

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here