19.2 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsවන සුරැකුම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට

වන සුරැකුම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ‘වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (03) සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය පවසයි.

මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක 1995  කෙටි දුරකතන අංකය ඔස්සේ ක්‍රියාත්මක වේ.

පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන මෙම ඒකකය සඳහා  වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුක්ත වනු ඇත.

මේ ඔස්සේ ලංකාවේ වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිතව සිදුවන හානි තත්ත්වයන් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බවද අමාත්‍යාංශය පවසයි.

වැඩිවන වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමත්, එම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සිදු කිරීමත්, මහජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු ලබා දිය හැකි පසුබිමක් සැකසීමත් සඳහා ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, වන ජීවී සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජනය වන පරිදි, නිලධාරීන්ගෙන් සැදුම්ලත්ව මෙම මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක කරවීමට අපේක්ෂිතය.

ඒ අනුව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම් ඒකකය අද විවෘත කිරීමට නියමිතව ඇත.

https://sinhala.adaderana.lk/news/216494

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here