19.2 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest NewsWhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවය.

වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා පවසයි.

“ඒක කරන්නේ සමාජයේ පිළිගත් තනතුරු දරන පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් සොයා ගන්නවා. ඊට පස්සේ එයාගේ දින චර්යාවට ගැලපෙන විදියේ පණිවුඩයක් එනවා අහවල් වෙලාවට මේ මාතෘකාව යටතේ Zoom Meeting එකක් තියෙනවා ලොග් වෙන්න කියලා. ඒ එවන ලින්ක් එකට ඇඩ් වුණාම මීටින් එකට ඇඩ් වෙන එක ස්ථීර කරන්න ඔයාට අංකයක් එයි ඒක අපිට ලබාදෙන්න කියලා පණිවුඩයක් එයි. මේ එන්නේ තව කවුරුහරි කෙනෙක් මේ දුරකථන අංකයට වට්ස්ඇප් ගිණුමක් හදලා, වට්ස්ඇප් ආයතනයෙන් එවන OTP එක තමා මේ ඉල්ලන්නේ. කවුරුහරි ඒක දීපු ගමන් අර පණිවුඩය එවපු තැනැත්තා ඔයාගේ වට්ස්ඇප් ගිණුම ගන්නවා. එතකොට ඔයාගේ සියලු තොරතුරු අර වංචාකාරයා ළඟට යනවා. එයා යවනවා ඔයාගේ ෆෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට මට පොඩි ප්‍රශ්නයක් මට සල්ලි එවන්න කියලා පණිවුඩ යවනවා. ගොඩක් අය විශ්වාස කරලා සල්ලි දානවා. ගොඩක් දවස් ගිහින් තමා ගිණුම ඔබට නැතිවෙලා කියලා දැනෙන්නේ. එතකොට සෑහෙන දෙනෙක් මේ වංචාවට හසුවෙන්න පුළුවන්.”

https://sinhala.adaderana.lk/news/216530

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here