20.9 C
Sri Lanka
Wednesday, December 10, 2025
HomeLatest Newsඉන්දියාවට අයත් 'INS SUKANYA' කොළඹට සේන්දු වෙයි

ඉන්දියාවට අයත් ‘INS SUKANYA’ කොළඹට සේන්දු වෙයි

Date:

Related stories

වැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයට...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව...

ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකු මරුට

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ...

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී...

ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව...
spot_imgspot_img

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (18) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

මෙම ‘INS SUKANYA’ යුද නෞකාව, දිගින් මීටර් 101ක් පමණ වේ.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමදෝරු සංතෝෂ් කුමාර් වර්මා කටයුතු කරනු ලබයි.

මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්ය මණ්ඩලය ( නැව් මුළුව) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතය.

එමෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

මෙම නිල සංචාරය නිමාකරමින් ‘INS SUKANYA’ එළැඹෙන 21වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

https://sinhala.adaderana.lk/news/217191

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here