20.9 C
Sri Lanka
Wednesday, December 10, 2025
HomeLatest Newsලාංකිකයින් 3575ක් ඊශ්‍රායල් රැකියා සඳහා පිටවයයි

ලාංකිකයින් 3575ක් ඊශ්‍රායල් රැකියා සඳහා පිටවයයි

Date:

Related stories

වැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයට...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව...

ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකු මරුට

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ...

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී...

ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව...
spot_imgspot_img

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වර්ෂයේ ගතවූ කාලය තුළදී ශ්‍රි ලාංකිකයින් 3,575දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු නොවැම්බර් මස 18 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගිය අතර, ඔවුන් වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

එසේම තවත් 152 දෙනෙකු නොවැම්බර් මාසය තුළදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින අතර, තවත් 464 දෙනෙකු දෙසැම්බර් මාසය මුල් සතිය තුළදී ඊශ්‍රායලයට යාමට සූදානමින් සිටී.

මේ අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ඇති රැකියා උප ක්ෂේත්‍රයක් වන යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා සදහා 252 දෙනෙකු මෙම වර්ෂය තුළදී පිටත්ව ගොස් ඇති අතර, තවත් 34 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව යාමට සූදානමින් සිටින බවද සඳහන් වේ.

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. 

https://sinhala.adaderana.lk/news/217247

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here