19.7 C
Sri Lanka
Monday, December 22, 2025
HomeLatest Newsවිදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක්

විදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ඇතිව තිබෙන ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්, ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය කේන්ද්‍රීය ස්ථානය ලෙස ක්‍රියා කරන බව වාර්තා වේ.

සියලුම ආධාර ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ යහපත සඳහා යොමු කරනු ලබන බවත් එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සහතික කරන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ආධාර කළමනාකරණය කිරීමට අමතරව, විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික ජාතිකයින්ට ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින ඔවුන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධවීමටත් මෙම ඒකකය සම්බන්ධීකරණ ස්ථානයක් ලෙස ක්‍රියා කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම අවශ්‍යතා ඇති අයට ජාත්‍යන්තර සහයෝගය සහ විදේශයන්හි සිටින ආධාරකරුවන්ගේ සහාය කඩිනමින් සහ කාර්යක්ෂමව ළඟා කර දීමට ද පහසුකම් සපයනු ඇත.

ආපදාව සම්බන්ධයෙන් පුළුල් හා ඵලදායී ප්‍රතිචාරයක් තහවුරු කිරීමට මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

https://sinhala.adaderana.lk/news/217773

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here