20.1 C
Sri Lanka
Wednesday, December 10, 2025
HomeLatest Newsකැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

Date:

Related stories

වැඩිම වැස්ස මුලතිව් දිස්ත්‍රික්කයට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයට...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව...

ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකු මරුට

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ...

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී...

ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව...
spot_imgspot_img

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවය.

ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබේ.

නමුත්  තවදුරත් මහ ගංවතුර තත්ත්වයක් පවති බව දැනුම්දී  ඇත.

එමෙන්ම හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 7.93 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ.

කළුගඟේ ඇල්ගම ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 10.40 ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 10.30 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ.

එමෙන්ම මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 8.98ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 8.95 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් පවතින බව දැනුම්දී  ඇත.

https://sinhala.adaderana.lk/news/217830

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here