24.3 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsකැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවය.

ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබේ.

නමුත්  තවදුරත් මහ ගංවතුර තත්ත්වයක් පවති බව දැනුම්දී  ඇත.

එමෙන්ම හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 7.93 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ.

කළුගඟේ ඇල්ගම ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 10.40 ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 10.30 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ.

එමෙන්ම මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 8.98ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 8.95 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් පවතින බව දැනුම්දී  ඇත.

https://sinhala.adaderana.lk/news/217830

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here