21.6 C
Sri Lanka
Sunday, May 17, 2026
HomeLatest News''ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් '1926' අමතන්න''

”ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න”

Date:

Related stories

‘ඩුබායි අසිතට’ අයත් වත්කම් රැසකට අධිකරණයෙන් තහනමක්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙසින් සැලකෙන 'ඩුබායි අසිතට' නමැත්තාට...

මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණු පෞද්ගලික ගුවන්...

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව PUCSL වෙත

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අරමුණින් යුතුව, සංශෝධිත විදුලි පිරිවැය...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත...

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා...
spot_imgspot_img

ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත.

මෙවැනි ආපදා තත්ත්වයකින් පසුව එය අපේ මනසට ඍජුවම බලපෑම් කළ හැකි බවත් ඒ හේතුවෙන් ජනතාව තුළ මානසික පීඩනය ඇති වීම සුලබව දැකිය හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.

එවැනි පීඩනයකට ඔබ ලක්ව සිටින්නේ නම් ප්‍රථමයෙන් ගැටලුව හඳුනා ගත යුතු අතර පසුව එම ගැටලුවට කුමක් කළ යුතු ද යන්න විසඳුම හඳුනා ගත යුතු බවද එහිදී ඔහු පැවසීය.

එමෙන්ම යම් කෙනෙකු මෙම තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්නම්  ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍යය උපදෙස් ලබා ගන්නා ලෙසද වෛද්‍යවරයා දැනුම් දී සිටී.

වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ව්‍යසනය හේතුවෙන් දරුවන් පීඩන‍යට පත්ව ඇත්නම් ඔවුන්ගේ ජීවිතය හැකිතාක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළ යුතු බවය. 

උදාහරණයක් ලෙස, හැකි ලෙසකින් ඔවුන්ට සෙල්ලම් කිරීමට වටපිටාවක් නිර්මාණය කරදීම, යාලුවෝ මුණ ගැසීමට අවස්ථාවක් සලසා දීම වැනි දේ කළ හැකි බව ද වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඔබ පීඩාවට පත්ව ඇත්නම් තරහා යෑම, නින්ද නොයෑම, ආහාර රුචියක් නොමැති වීම, තෙහෙට්ටුවක් දැනීම ආදී ලක්ෂණ ඇති විය හැකි බවද වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය.

එමෙන්ම අපේ රට විවිධ අවස්ථාවල ස්වභාවික ව්‍යසන සහ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති අතර ජනතාවගේ එකමුතු බව, ධෛර්යවන්තකම සහ නොපසුබට උත්සාහය හේතුවෙන් එවැනි තත්ත්වයන් හමුවේ රට ගොඩනැගීමට හැකි වූ බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා,
”මෙවර ගංවතුර තත්ත්වය සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විශාල ව්‍යසනයක් සිදු වුණා. එවැනි ආපදා තත්ත්වයකින් පසුව මනසට මුලින්ම දැනෙන දේ තමයි අපිට ලොකු කරදරයක් වුණා කියලා දැඩිව ඇතිවන දුක් සහිත තත්ත්වය. එමෙන්ම හිස් බව, අදහගන්න බැරි තරම් ෂොක් එකක් කිසිම දෙයක් කරන්න උනන්දුවක් නැති තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. මේ ආපදා තත්ත්වය නිසා ඔබ හිංසනයට කරදරයට පත්වෙලා තිබෙනවා නම් ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හැමෝම උදව් කරන්න පෙනී සිටිනවා. එම නිසා ඔබේ උත්සාහය, අනාගතය ගැන තියෙන බලාපොරොත්තු අත්හැර ගන්න එපා. නිවස නැති වුණා නම් පවුලේ කෙනෙක් නැතිවුණා නම්.. ඔබේ හිතේ තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා.”

https://sinhala.adaderana.lk/news/218078

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here