24 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsවැඩි මිලට වතුර බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට මිලියනයක දඩයක්

වැඩි මිලට වතුර බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට මිලියනයක දඩයක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරු මත අදාළ වැටලීම් සිදුකර මේ සම්බන්ධව නඩු පැවරීමට පියවර ගෙන ඇත.

මෙලෙස නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකටය.

බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලක් රුපියල් 400ක මිලට අලෙවි කිරීමේ චෝදනාව මත අදාළ ආයතනට එරෙහිව බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.

එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ නිවාඩු නිකේතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට නියෝග කර ඇත.

එමෙන්ම රුපියල් 70කට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් එම මිල ඉක්මවා රුපියල් 230කට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති අතර එහිදී ද අදාළ සමාගම වෙත රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

https://sinhala.adaderana.lk/news/218080

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here