24 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා

ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව කටයුතු කිරීමට ග්‍රාම නිලධාරීන්ට බාධා සිදුකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සහන සැලසීමේ ක්‍රියාවලිය ස්වාධීනව සිදුකිරීමේදී විවිධ දේශපාලන බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ලවී ඇති බවය. 

“සහනාධාර ලබාදීමේ කටයුතුවලදීත්, කඳවුරු පවත්වාගෙන කටයුතුවලදීත් විවිධ දේශපාලන බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ලවෙලා තියෙනවා. ඒ නිසා සමහර කඳවුරු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යන්නට වගේම සහනාධාර ක්‍රියාත්මක කිරීමේදීත් ග්‍රාම නිලධාරීවරයාට ස්වාධීනව ඒ කටයුතු කරගෙන යන්නට දේශපාලන අධිකාරියෙන් බාධාවන් එල්ල වෙලා තියෙනවා. අපිට පැහැදිලිව කියන්න වෙලා තියෙනවා පසුගිය රජයන්ට වඩා මේ රජය සහනාධාර බෙදීමේ සහ සහනාධාර ක්‍රියාත්ම කිරීමේ ක්‍රියාවලිය ඉදිරියෙන් තිබුණත් පසුගිය රජයන්ට සාපේක්ෂව මේ රජයේ ඇතැම් දේශපාලඥයින් ග්‍රාම නිලධාරී කටයුතුවලට සහ රාජකාරියට බාධා කරන අවස්ථාවන් රට පුරාම අපේ සහෝදර සහෝදරියන් අපිට වාර්තා කරලා තියෙනවා. රටම ආපදාවට ලක්වූ අවස්ථාවක අපි වෘත්තීය ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුකරන්න සූදානම් නැහැ. එහෙත් තවදුරටත් මේ සහනාධාර දීමේ ක්‍රියාවලියෙදී ග්‍රාම නිලධාරීවරයාට යම් කිසි බලපෑමක් එල්ල කරනවානම් අකමැත්තෙන් වුවත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා.” 

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ නිදහස් ග්‍රාම සේවකයින්ගේ සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා,  

“මේ ආපදා තියෙන වෙලාවේ අපි කියන්නේ වෙන වෙන දේවල් රජය පටලවාගන්න එපා. ප්‍රජා ශක්ති කියන රජයේ ඒ නව වැඩපිළිවෙළ මේ ආපදාව සඳහා යොදා ගන්න එපා. ගොඩක් දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජා ශක්තිවල නිලධාරීන්, දේශපාලන අධිකාරිය මේ ආපදා ආධාර දෙන එකට අත්සන් කරන්න කියලා කියලා තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල දිසාපතිවරයාම ලියුම ගහලා තියෙනවා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන්ට බලපෑම් කරලා තියෙනවා. ඒ වගේම අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ප්‍රජා ශක්ති නිලධාරීන්ගෙන් මේ ප්‍රජා ශක්තිවල දේශපාලන අධිකාරීවලින් අත්සන් ගන්න තියෙනවා. මේ රුපියල් 25,000 දෙන කතන්දරය ඒ දේශපාලන අධිකාරියට කියලා නිර්දේශ ගන්න ගියොත් ග්‍රාම නිලධාරීවරයා ස්වාධීනව කරන රාජකාරියට බාධාවක් ඇතිවෙනවා. මෙතෙක් කල් මේ ලංකාව තුළ තිබුණ කිසිම කටයුත්තකදී ග්‍රාම නිලධාරීවරයා ස්වාධීනව කටයුතු කළා.”

https://sinhala.adaderana.lk/news/218118

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here