24 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකු මරුට

ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකු මරුට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කටාන පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙකි.

මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

https://sinhala.adaderana.lk/news/218172

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here