20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsරථ වාහන නීතිය අද සිට දැඩිව

රථ වාහන නීතිය අද සිට දැඩිව

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

රථ වාහන නීතිය අද (08) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙන්නේ ඒ සදහා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සදහා දිවයින පුරා යොදවන බවය.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන මෙහිදි පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

ඊට අමතරව විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීම, නීති විරෝධී සවිකිරීම් පිලිබදව ද පරීක්ෂා කිරීමට නියමිතය.

ඝෝෂාකාරී නලා සවිකර ඇති වාහන සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන සම්බන්ධයෙන් ද අද දිනයේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේය.

https://sinhala.adaderana.lk/news/214296

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here