25.2 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeSportsබංග්ලාදේශයට ලකුණු 08 ක ජයක්

බංග්ලාදේශයට ලකුණු 08 ක ජයක්

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 09 වැනි තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදවා ලකුණු 08 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරග‍යේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 154 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Tanzid Hasan ලකුණු 52 ක්, Saif Hassan ලකුණු 30 ක් හා Towhid Hridoy ලකුණු 26 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rashid Khan හා Noor Ahmad කඩුලු 02 බැගින් ද, Azmatullah Omarzai එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 146 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 35 ක්, Azmatullah Omarzai ලකුණු 30 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman කඩුලු 03 ක්ද, Nasum Ahmed, Taskin Ahmed හා Rishad Hossain කඩුලු 02 බැඟින් ද බිඳ හෙළීමට සමත් වුණා.

Reference
https://www.helakuru.lk/esana/news/113692

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here