21.8 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsහෙරොයින් සමග චීවරධාරියෙකු අත්අඩංගුවට

හෙරොයින් සමග චීවරධාරියෙකු අත්අඩංගුවට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

හෙරොයින් ළඟ තබාගෙන සිටි චීවරධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව පොලිස් වසමේ විහාරස්ථානක වැඩ විසූ වයස අවුරුදු 38ක චීවරධාරියෙකු බව පොලීසිය පැවසීය.

පොලීසිය විසින් එම චීවරධාරියා අත්අඩංගුවට ගන්න විට හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රැම් 300ක් සන්තකයේ තිබී ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 31 වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් සතුවද හෙරොයින් ග්‍රෑම් 17ක් තිබී ඇත.

අත්අංගුවට ගත් තිදෙනා අද (17) පොල්හවෙල අධිකරණය වෙත ඉදිරිපත්කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබේ.

මෙම සැකකරුවන් මිනුවන්ගොඩ නේවි දිනේෂ් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වේ.

https://sinhala.adaderana.lk/news/214690

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here