24 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeSportsAsia Cup SL vs AFG: ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

Asia Cup SL vs AFG: ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 24 ක්, නායක Rashid Khan ලකුණු 24 ක්, Sediqullah Atal ලකුණු 18 ක්, Mohammad Nabi ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 4 ක්, දුෂ්මන්ත චමීර, දසුන් ශානක හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනතිත් පෙරේරා ලකුණු 28 ක් හා නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් ලබාගත්තා.

එයත් සමඟ මූලික වටයේ තරග 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ B කාණ්ඩයේ පෙරමුණ ලබාගෙන ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එසේම ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟ බංග්ලාදේශ කණ්ඩායමද සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගත්තා.

Reference – https://www.helakuru.lk/esana/news/113770

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here