23.3 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest NewsDisrupt Asia 2025 ප්‍රධාන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Disrupt Asia 2025 ප්‍රධාන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන ‘Disrupt Asia 2025’හි ප්‍රධාන සමුළුව අද (18) කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. 

රටවල් 20ක පමණ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් එක්ව සිටින මෙම සමුළුව ඊයේ (17) ආරම්භ වූ අතර එය සැප්තැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම මෙම සමුළුවේ අරමුණ වේ. 

එමෙන්ම නව ව්‍යවසාය සහ නවෝත්පාදන දිරිගැන්වීම මගින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙමඟින් අවස්ථාව හිමිවෙතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් මෙහිදී අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, රටේ සංවර්ධන මෙවලමක් ලෙස නවෝත්පාදනය යොදා ගැනීම රජයේ අරමුණ බවය.

‘Disrupt Asia 2025’ මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමට මනා පිටිවහලක් වන බවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම වැඩසටහන මගින් මෙරට දක්ෂ ව්‍යවසායකයින් සහ ගෝලීය වෙළඳපොළ අවස්ථා අතර පාලමක් නිර්මාණය කරමින්, දකුණු ආසියාවෙහි නවෝත්පාදන සඳහා දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත කෙරෙන බවද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ අරමුණු සහ ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකය සාක්ෂාත් කර ගැනීම සඳහා වන සැලසුම් පිළිබඳව පැහැදිලි කළේය. 

ඩිජිටල් අපනයන තුන් ගුණයකින් වැඩි කිරීම, ඩිජිටල් කුසලතා සංචිතය දෙගුණ කිරීම සහ ගෝලීය ඩිජිටල් මිනුම්වල ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ඒම ආදී ඉලක්ක ඔහු මෙහිදී ගෙනහැර දැක්වීය.

එහිදී ශ්‍රී ලංකාවේ නව ව්‍යවසාය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ඌණ ආයෝජිත ක්ෂේත්‍ර ලෙස පවතින බව අවධාරණය කළ ඔහු එම වටිනා ආයෝජන අවස්ථාව අත්හැර නොගන්නා ලෙස ද දේශීය සහ ගෝලීය හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. 

ඩිජිටල් ආර්ථිකය සඳහා ඩොලර් බිලියන 15ක අවස්ථාවක් පවතින බවත්, වඩා වැදගත් වන්නේ එම අවස්ථාව ග්‍රහණය කර ගන්නේ කවුරුන්ද යන්න බවත්, ආයෝජනය කරමින් මෙම පරිවර්තනයේ හවුල්කරුවන් බවට පත්වන්නන් හෙට දවසේ ජයග්‍රාහකයින් වනු ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජන-හිතකර පරිසරය මෙහිදී පැහැදිලි කළ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, සෘජු විදෙස් ආයෝජන සඳහා වන සුරක්ෂිත වටපිටාව සහ රජයේ ඩිජිටල් පද්ධති පුද්ගලික අංශයට විවෘත කිරීමට ඉඩ සලසන නව ප්‍රතිපත්ති පිළිබඳවද සාකච්ඡා කළේය. 

Paytmහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විජේ ශේකර් ෂර්මා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයෙහි සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරු ඇතුළු ගෝලීය විද්වතුන් සහභාගී වූ විද්වත් සාකච්ඡාද මෙහිදී පැවැත්විණි.

https://sinhala.adaderana.lk/news/214726

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here