COLOMBO (News 1st) – විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජේ ජයශංකර් මහතා හමුවී තිබේ. ඒ ඇමරිකාවේ නිව්යෝක්වලදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අතරතුරදීය. එහිදී දෙපාර්ශවය ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාව පිළිබඳ නැවතත් තහවුරු කර තිබේ. මේ අතර අමාත්‍ය විජිත හේරත් මහතා ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මියද හමුවී ඇත.
Source: News 1st



