COLOMBO (News 1st) – තංගල්ල , සීනිමෝදර නිවසක තිබී මළ සිරුරු තුනක් සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 04 දෙනෙකු දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඔවුන් තංගල්ල මහේස්ත්‍රාත් ශාමිලා බුටාවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගත් බවයි. පොලීසියට ලැබුණු තොරතුරක් මත සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබි අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත්තේ පසුගිය 22 වැනිදායි. අසනීප තත්වයේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.
Source: News 1st



