22.7 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsඅධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

1981 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති කිලෝ ග්‍රෑම් එකට අඩු පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති‘ මත්ද්‍රව්‍ය සාම්පල සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇත.

පරීක්ෂණ කටයුතු අවසන් වුව ද රඳවා තබාගෙන ඇති මෙම සම්පාල හේතුවෙන් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත ගබඩා පහසුකම් ලබාදීමට හැකියාවක් නොමැති වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර පරීක්ෂණ අවසන් කර ඇති මත්ද්‍රව්‍ය සාම්පල රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස අධිකරණ අමාත්‍යාශය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම  සලකා බැලු අධිකරණ සේවා කොමිෂන් සභාව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු මහෙස්ත්‍රාත්වරුන් වෙත ලිඛිතව දැනුම් දි ඇති බව වාර්තා වේ.

https://sinhala.adaderana.lk/news/216051

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here