20.5 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsඅද දිනයේ දී ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන අයුරු

අද දිනයේ දී ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන අයුරු

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇතිවූ අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය 19 වනදා සවස් කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇදහැලුන දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ මාර්ගයේ කඩිගමුව-ඉහළ කෝට්ටේ අතර ස්ථාන දෙකකින් සහ ඉහළ කෝට්ටේ – බලන අතර ස්ථාන අටකින් දුම්රිය මාර්ගය දෙපස භූමිය සෝදායාමට හා නායයෑමට ලක්ව තිබුණි.

හානි වූ ස්ථාන දහයෙන් ස්ථාන අටක් යථාවත් කර ඇති අතර තවදුරටත් ඉහළ කෝට්ටේ – බලන අතර ස්ථාන දෙකක් පමණක් මේ වනවිට යථාවත් කරමින් පවතී.

දුම්රිය මාර්ගයට යටින් පස් සෝදාගෙන යාම, අනෙක් සියලුම ස්ථාන යථාවත් කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය දුම්රියන් රැගෙන යාමට සහ තවදුරටත් පවතින අයහපත් කාලගුණය යන හේතුන් මත මෙම ස්ථාන දෙක යථාවත් කිරීම ප්‍රමාද වී ඇත.

ඉහත හේතූන් නිසා ඊයේ (22) දින සම්පුර්ණයෙන් පහත පරිදි මගී දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු කර තිබුණි.

නමුත් අද දින උදෑසන සිට නැවත ධාවනය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය සේවය දැනුම් දී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් අද (23) උදෑසන ධාවන කටයුතු ආරම්භ වූ බවය.

අදාළ කාලසටහන පහතින් දැක්වේ.

https://sinhala.adaderana.lk/news/216049

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here