20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එය අද (28) උදෑසන 7ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

එම නිවේදනය අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සහ දිවයිනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වේ.

එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ද අදාළ නිවේදනයේ දැක්වේ.

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශදේ ඇති වූ “මොන්තා” සුළි කුණාටුව, අද උදෑසන 2.30 පමණ වන විට මුලතිව් සිට කිලෝමීටර 650ක පමණ ඊසාන දෙසින්
අක්ශාංෂ 14.4° N සහ දේශාංශ 83.3° E ආසන්නයේ කේන්ද්‍රගතව තිබුණි.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වී
අද සවස හෝ රාත්‍රියේ දී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු
ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල නිරත ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

පහත සිතියදම් ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින්විට  පැ.කි.මී. 70-80 දක්වා වැඩිවීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.

https://sinhala.adaderana.lk/news/216255

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here