20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsකෝටි ගණනක මත්ද්‍රව්‍ය ගෙනා 21 හැවිරිදි විදේශිකයා අත්අඩංගුවට

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගෙනා 21 හැවිරිදි විදේශිකයා අත්අඩංගුවට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පිටතට රැගෙන යාමට උත්සහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකු වන අතර ඔහු ඩුබායි සිට අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන් වේ.

සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ පොලිතින් මලු 6ක් තුළ කුඩා ඇසුරුම් 72ක හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18යි ග්‍රෑම් 253ක් සඟවා තිබියදී සොයාගන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී ඇති බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේය.

https://sinhala.adaderana.lk/news/216251

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here