20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsහිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.
 
හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියම කළ අතර නඩුවිභාගය අද දිනයේ යළි කැඳවීමට නියෝග කළාය.

https://sinhala.adaderana.lk/news/216287

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here